ප්‍රමුඛ පුවත 1

ස්විස් නිලධාරිනියගෙන් තවදුරටත් ප්‍රකාශ

(UTV | කොළඹ) – ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු දේශීය නිලධාරිනියගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අවසන් කර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් ඇය ඊයේ සහ පෙරේදා යන දිනවල දී දෙපාර්තමේන්තුව වෙත පැමිණ නොමැති බව වාර්තා වෙයි.

ගානීයා බැනිස්ටර් ප්‍රැන්සිස් නමැති මෙම නිලධාරිනිය පළමු වරට පසුගිය ඉරිදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියාය.

ඉන් අනතුරුව තවත් අවස්ථා කිහිපයකදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබාදෙනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලය හෙළි කෙරේ

Mohamed Dilsad

නංවමු ලංකා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන ඇමති රිෂාඩ්දේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

විද්‍යාපීඨවල විෂයමාලා නවීකරණය කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment