ප්‍රමුඛ පුවත 1

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අදත් CID හමුවට

(UTV | කොළඹ) – අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට , කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරිනිය වන , ගානිය බැනිස්ටර් ෆ්‍රැන්සිස් අද (13) පස් වැනි දිනටත් කැඳවා තිබේ.

අදාළ කාන්තාවට පනවා තිබූ , අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වැළැක්වීමේ නියෝගය ලබන 17 වැනිදා දක්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් යළි දිර්ඝ කර තිබේ.

එම කාන්තාව අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඉදිරි ප්‍රකාශ ලබා ගැනීම , කොළඹ ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවසේදී සිදු කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් කරන්නැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා කළ ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා දැඩි විරුද්ධත්වය දැක්වු අතර අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අක්ෂි කාච මිල අඩු කිරීමේ ලාභය ජනතාවට නොලැබීම ගැන පරීක්ෂණයක්

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට නීතිපති නඩු පවරයි

Mohamed Dilsad

ගාලු පාරේ කොටසක් වැසේ

Mohamed Dilsad

Leave a Comment