ප්‍රමුඛ පුවත 1

සමන් දේව ප්‍රතිමාව සිරිපා මළුවට

(UTV | කොළඹ) – මෙවර ශ්‍රී පාද සමය ආරම්භ කරමින් ධාතු කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද උඩමළුව වෙත රැගෙන යාම අද(10) සිදු කරයි.

ඒ අනුව ඊයේ(09) පස්වරුවේ සිට අද අළුයම දක්වා පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව සඳහා පුදපූජා පැවැත්වීමේ අවස්ථාව බැතිමතුන්ට හිමිව තිබේ.

අද අළුයම පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව පෙරහර ආරම්භ කෙරෙන අතර එය පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, දෙහිඹ්විට, කරවනැල්ල, හැටන් මස්කෙළිය ඔස්සේ නල්ලතන්නිය දක්වා ගමන් කිරීමට නියමිතයි.

මීට අමතරව දේවාභරණ වැඩම කරවීම ද අද සිදු කෙරෙයි.

උඳුවප් පොහොය හෙට(11) දිනට යෙදී ඇති අතර ඒ සමඟම ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කෙරෙනු ඇත.

එළඹෙන වෙසක් පෝය දිනයෙන් අවසන් වීමට නියමිත අතර මාස 06 ක කාලයක් ශ්‍රී පාද වන්දනා සමය ලෙස සැළකේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට පුරා පොලිස් ඇඳිරිනීතිය

Mohamed Dilsad

සජිත් ගෝඨාභයට ලිඛිතවම අභියෝග කරයි [VIDEO]

Mohamed Dilsad

BREAKING NEWS – කේ.ඩී. ලාල්කාන්ත පොලිස් අත්අඩංගුවට…

Mohamed Dilsad

Leave a Comment