Trending News

“ඉදිරි සති දෙක තුළ රජයේ කටයුතු සහ තනතුරු වල වෙනසක්” ජනපති කියයි

(උදයම්,කොළඹ)  –  ඉදිරි සති දෙක තුළ රජයේ කටයුතුවල නව මුහුණුවරක් මෙන්ම බොහෝ තනතුරුවල වෙනසක් ද සිදුවන බව ජනාධිපතිවරයා පවසයි.

අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැත්වෙන හමුවේදීයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සියලු චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මේ වසරේ සිට ශක්තිමත් ආර්ථික ගමනකට දැන් සියල්ල සූදානම් බවය

මේ අතර මාලබේ සයිටම් ආයතන තනි පුද්ගල අයිතියෙන් ඉවත්කොට පාලක මණ්ඩලයක් යටතට පත්කරන බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා ප්‍රකාශ කළේය.

ඉදිරි සති දෙක ඇතුලත රාජ්‍ය ආයතනවල තනතුරු වෙනසක් සිදුකරන බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

මීතොටමුල්ලේ කුණු කන්ද නායයෑමේ සිද්ධිය ගැන සොයා බැලීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ කමිටුව මගින් මසක් ඇතුළත සිද්ධියට වගකිව යුත්තේ කවුදැයි සොයා බලා වාර්තාවක් ලබා දීමට කටයුතු කරනු ඇති බවය.

Related posts

ரணில் – சஜித் இடையில் நாளை முக்கிய சந்திப்பு

Mohamed Dilsad

மதுகம – யடதொலவத்த கொலை-நபர் ஒருவர் கைது

Mohamed Dilsad

ஏப்ரல் 1 முதல் பெட் ஸ்கானர் இயந்திரத்தின் சேவைகள் ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment