ප්‍රමුඛ පුවත 1

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගෙන් ප්‍රකාශයක් ලබා ගැනේ

(UTV | කොළඹ) – ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පැහැර ගැනීමට ලක්වු බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය ඉන් පිටව ගොස් තිබේ.

ඊයේ(08) පස්වරුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.

එම නිලධාරිනිය සමඟ තානාපති කාර්යාල නිලධාරීන් සහ ඇයගේ නීතිඥවරුන් දෙදෙනෙකු මෙම අවස්ථාවට පැමිණ සිට ඇති බව වාර්තා වේ.

ස්විස් තානාපති නිලධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 05කට ආසන්න කාලයක් සිය ප්‍රකාශ ලබා දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරු ඇය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර ඇති බව සඳහන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිටට ජනතාව රැස්වෙයි

Mohamed Dilsad

අලි රොෂාන් නඩුවේ විරෝධතාවය අධිකරණය පිළිගනී

Mohamed Dilsad

අක්ෂි කාච මිල අඩු කිරීමේ ලාභය ජනතාවට නොලැබීම ගැන පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment