ප්‍රමුඛ පුවත 1

සේනා යළිත් කරලියට

(UTV | කොළඹ) – වව්නියාව ගොවි ජනතාව පවසන ආකාරයට වව්නියාව ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාව වෙනුවෙන් යළිත් වතාවක් සේනා දළඹු උවදුර හටගෙන තිබේ.

වවුනියාව මහමයිලන්කුලම, නන්දිමිත්‍රගම, මුණ්ඩිමුරුප්පුව, සූඩූවෙන්දපිලව් ආදි ප්‍රදේශ රැසක බඩ ඉරිඟු වගාව වෙනුවෙන් සේනා දළඹු උවදුර නැවත හටගෙන ඇති බව වව්නියාව බඩ ඉරිඟු වගාවේ නිරත ගොවි ජනතාව පැවසුවේය.

පසුගිය වතාවේදීද සේනා දළඹු උවදුර හේතුවෙන් ප්‍රදේශයේ බඩ ඉරිඟු වගා කළ ගොවි ජනතාවට දැඩි ලෙස පාඩු සිදුවු බවද වව්නියාව‍ ගොවි ජනතාව පැවසූහ.

වවුනියාව පිහිටි උතුරු පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලයේ බෝග වගා ආරක්ෂණ විෂය භාර නිළධාරි එම්.ජේ.පි ගයාල්ගෙන් බඩ ඉරිඟු වගාවට හටගෙන ඇති සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ වව්නියාව දිස්ත්‍රික්කයේ අක්කර 50 කට ආසන්න බඩ ඉරිඟු වගා ප්‍රදේශයන් වෙත සේනා දළඹු උවදුර හටගෙන ඇති බවයි.

උතුරු පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක එම්.සකිලාබානු මහත්මියගේ උපදෙස් පරිස් ප්‍රදේශයේ සේනා දළඹු උවදුර මැඩලිම සම්බන්ධයෙන් ගොවි ජනතාව ‍දැනුවත් කිරීම,අවශ්‍ය ප්‍රතිකර්ම ලබාදීම ආදි වැඩසටහන්ද මේ වන විට ක්‍රියාත්මක කොට ඇති බව ගයාල් මහතා විෂය භාර නිළධාරිවරයා වැඩිදුටත් පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමාජ මාධ්‍ය පාලනයට නව පනතක් – ලංකා පරිවර්තන සමූහය.

Mohamed Dilsad

පර්ලිමේන්තු විදුලි සෝපානේ වාර්තාව අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

තැපැල් සේවක වර්ජනය ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment