ප්‍රමුඛ පුවත 1

පර්ලිමේන්තු විදුලි සෝපානේ වාර්තාව අද පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් තුළ මන්ත්‍රීවරුන් පිරිසක් සිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයේ වාර්තා දෙක පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද භාරදීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ පවතින සියලූ විදුලි සෝපාන පිළිබඳ තත්ත්ව සහතික වාර්තාව සහ මන්ත්‍රීවරුන් සෝපානයක සිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව මෙලෙස ඉදිරිපත් කරනු ලැබේ.

පාර්ලිමේන්තුවේ සෝපාන නඩත්තු කටයුතු සිදුකරන සමාගමේ නිලධාරීන් සහ පාර්ලිමේන්තුවේ ඉංජිනේරු අංශයේ නිලධාරින් එක්ව සිද්ධිය වූ දිනට පසුදින සිට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර තිබේ.

ඒ අනුව විදුලි සෝපාන සම්බන්ධයෙන් වූ වාර්තාව සකස් කර ඇත.

අද භාරදෙන වාර්තා පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කථානායකවරයා වෙත ලබාදෙන අතර කථානායකවරයා සභාවාරය පැවැත්වෙන ලබන 20 වනදා එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් 1814 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment