Trending News

ඉරාක අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට නිවේදනය කරයි

(UTV | කොළඹ) – රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් එරට වත්මන් පාලනයට දැඩි පීඩනයක් එල්ල වීමත් සමඟ ඉරාක අගමැති ආදෙල් අබ්දුල් මහදි සිය තනතුරින් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

නව රජයක් තෝරා ගැනීමට නීති සම්පාදකයින්ට ඉඩ දීම සඳහා තමාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව අගමැතිවරයා පවසයි.

ඔහුගේ කාර්යාලය නිවේදනය කළේ ඉරාකයේ ඉහළම ශියා මුස්ලිම් පූජකවරයා වන අලි අල් සිස්තානි විසින් නායකත්වය වෙනස් කරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස අගමැතිවරයා මෙම තීරණයට එළඹි බවයි.

කෙසේ වෙතත් අස්වන දිනයක් සම්බන්ධව නිවේදනයේ සඳහන් කර නැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

CAA deploys special teams to nab errant traders

Mohamed Dilsad

Polar vortex death toll rises to 21 as US cold snap continues

Mohamed Dilsad

கிண்ணியாவில் டெங்கு நோயை கட்டுப்படுத்த தீவிர நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment