ප්‍රමුඛ පුවත 1

හිටපු ඇමති රිෂාඩ්ගේ රථ පෙළකට ප්‍රහාරයක්

(UTV | කොළඹ) – මුන්දලම – කනමුල්ල ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගමන් කළ රථ පෙළකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඊයේ (24) පස්වරුවේ හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මුන්දලම ප්‍රදේශයේ ආධාරකරුවන් හමුවීම සඳහා ගමන් කරමින් සිටියදීයි මෙලෙස ප්‍රහාරයක් එල්ල වී ඇත.

ප්‍රහාරය සඳහා පැමිණි පිරිස මාර්ගය හරස් කොට රථ පෙළ නවතා හිටපු අමාත්‍යවරයා යන මාර්ගය අවහිර කර ඇති අතර අමාත්‍යවරයා එම ස්ථානයෙන් නික්ම යන අවස්ථාවේදී රථ පෙළට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ආකාරයට මේ හේතුවෙන් එක් වෑන් රථයකට හානි සිදුව ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ කිහිපදෙනෙකු රෝහල් ගතකර ඇති අතර ප්‍රහාරයට සම්බන්ධයෙන් තුන්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජිත සේනාරත්න අධිකරණ හමුවට

Mohamed Dilsad

අන්තර්ජාලය ඔස්සේ සමාජ ජාල වලට පිවිසීම සීමා කරයි

Mohamed Dilsad

ත්‍රිවිල් මීටර නීතිය අනිවාර්ය කිරීම කඩිනමින් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment