ප්‍රමුඛ පුවත 1

මිය ගොස් සිටි පොලිස් සැරයන්වරයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

(උදයම්,අනුරාධපුරය)  –  රජකාරියේ නිරතව සිටියදී අතුරුදන්ව පසුව කලාඔය නීලබැම්ම ප්‍රදේශයේ තිබී සොයා ගත් පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදුකිරීමට නියමිතය.

මෙම පොලිස් සැරයන්වරයා සිය දිවි හානි කර ගත්තේ ද නොඑසේ නම් මෙය ඝාතනයක් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

තම රාජකාරී ගිනි අවිය සමඟ පසුගිය අප්‍රේල් 4 වන දා සිට අතුරුදන්ව සිටි අනුරාධපුර පොලීසියේ කොස්තාපල්වරයාගේ හිසේ කොටස් පුත්තලම – නීලබැම්ම ඇළ අසළ කුඩා වළක තිබී පෙරේදා හමු විය.

පසුව පෙරේදා දිනයේදී වනාන්තර ප්‍රදේශයේ තිබී ඔහුගේ හිස සුන් මළ සිරුර සොයා ගත්තේය.

මේ අතර මෙමෙ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙදෙනෙක් පරීක්ෂණ පවත් වන බව පොලිසිය පවසයි.

Related posts

අගමැති ප්‍රමුඛ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

කැබිනට් මණ්ඩලය කුඩා උවත් ජනතාවට සහන රැසක් [VIDEO]

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

Mohamed Dilsad

Leave a Comment