ප්‍රමුඛ පුවත 1

මිය ගොස් සිටි පොලිස් සැරයන්වරයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

(උදයම්,අනුරාධපුරය)  –  රජකාරියේ නිරතව සිටියදී අතුරුදන්ව පසුව කලාඔය නීලබැම්ම ප්‍රදේශයේ තිබී සොයා ගත් පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදුකිරීමට නියමිතය.

මෙම පොලිස් සැරයන්වරයා සිය දිවි හානි කර ගත්තේ ද නොඑසේ නම් මෙය ඝාතනයක් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

තම රාජකාරී ගිනි අවිය සමඟ පසුගිය අප්‍රේල් 4 වන දා සිට අතුරුදන්ව සිටි අනුරාධපුර පොලීසියේ කොස්තාපල්වරයාගේ හිසේ කොටස් පුත්තලම – නීලබැම්ම ඇළ අසළ කුඩා වළක තිබී පෙරේදා හමු විය.

පසුව පෙරේදා දිනයේදී වනාන්තර ප්‍රදේශයේ තිබී ඔහුගේ හිස සුන් මළ සිරුර සොයා ගත්තේය.

මේ අතර මෙමෙ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙදෙනෙක් පරීක්ෂණ පවත් වන බව පොලිසිය පවසයි.

Related posts

නිල ඇඳුම් ලබාදීම වෙනුවෙන් ආරම්භ කළ වව්චර් ක්‍රමය අඛණ්ඩව

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් [VIDEO]

Mohamed Dilsad

පොලිස් නිලධාරින්ට ජනපතිගෙන් සම්මාන ලබාදීම් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment