ප්‍රමුඛ පුවත 1

පළාත් 6කට නව ආණ්ඩුකාරවරුන් පත් කෙරේ [VIDEO]

(UTV | කොළඹ) – පළාත් හයක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කර ඇත.

ඔවුන් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිය ධුරයන්හි දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇත්තේ ලලිත් යූ ගමගේ මහතායි.

රාජා කොල්ලුරේ මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, ආචාර්ය විලී ගමගේ මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් පත් කර තිබේ.

ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇති අතර ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පෙත්කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකා කම්කරු කොංග‍්‍රසය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග කුකුළා සලකුණින්

Mohamed Dilsad

ඒ.එල්.එම්. නසීර් මහතා එජාප මන්ත්‍රී ධුරයේ වැඩ බාර

Mohamed Dilsad

සුදු වෑන් සංස්කෘතිය ගැන හෙළිදරව්වක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment