ප්‍රමුඛ පුවත 1

නව ජනපති වැඩ අරඹයි [VIDEO]

(UTV | කොළඹ) – අද (19) පෙරවරු 10.51ට යෙදී තිබූ සුබ මොහොතින් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න විසින් සක් බෙර හඩ මධ්‍යයේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේය.

අනතුරුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගනු ලැබූ අතර ඉන් පසු ජනාධිපතිවරයා වෙත ආචාර වෙඩි මුර උත්තමාචාරයක් පිරිනමා අනතුරුව ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් ද පැවැත්විණ.

ඉන් අනතුරුව මහා සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සෙත් පිරිත් සජ්ඣයනා කරමින් විශේෂ ආශිර්වාද පූජාවක් සිදුකළහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්‍රන් ජාවාරමේ නිරතවූ ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වෙයි [UPDATE]

Mohamed Dilsad

දුරකථන ඇමතුම් පිළිබඳව ජනතාවට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment