ප්‍රමුඛ පුවත 1

සජිත් ප්‍රේමදාස එජාපයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වේ [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයෙන් ලද පරාජය තමන් පිළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

එමෙන්ම 7 වන ජනාධිපතිවරයා වශයෙන් ජනාධිපතිවරණයෙන් තේරීපත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට තමාගේ සුභාෂිංශන පිරිනමන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේය.

ඉදිරියේදී තමන්ගේ දේශපාලන කටයුතු සිදුකරනු ලබන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනා බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසුවේය.

නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා කැපවූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු නිලධාරීන්ට සහ රටවැසියන්ට සිය ස්තුතිය පුදකරන බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

තමන් සමඟ පුරා වසර 26ක් දේශපාලනය කිරීමේදී එකට සිටි සියළුම ජනතාවට සිය ස්තුතිය පුද කරන බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද ගාමිණි ජයවික්‍රම ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

කෝටි 700 මැණික් කොල්ලයට යොදාගත් ජංගම දුරකථනය රසපරීක්‍ෂකවරයා වෙත

Mohamed Dilsad

බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය සන්නිවේදන මධ්‍යස්ථානය ගැන වැඩිදුර පරීක්‍ෂණ ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment