ප්‍රමුඛ පුවත 1

කෝටි 700 මැණික් කොල්ලයට යොදාගත් ජංගම දුරකථනය රසපරීක්‍ෂකවරයා වෙත

(UTV| කොළඹ) – මාකඳුරේ මධුෂ් මෙහෙයවූ බවට සැක කෙරෙන රුපියල් කෝටි 700 ක වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්ති කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පළමු සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරේ.

පසුගිය වසරේ නොවැම්බර් 5 වනදා පොලිස් නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුනු පිරිසක් පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක තිබූ මෙම මැණික් සහ දියමන්තිය කොල්ලකා තිබුණි.

රුපියල් කෝටි 500 ක් වටිනා දියමන්තියක් සහ රුපියල් කෝටි 200 ක් වටිනා මැණික් මෙලෙස කොල්ල කා තිබූ බව පොලීසිය පැවසීය.

මෙම කොල්ලයේ ප්‍රධාන සැකකරු වන රවීන්ද්‍ර නාලක රණසිංහ හෙවත් ලොකු අයියා, පසුගියදා පාදුක්කේදී අත්අඩංගුවට ගත්තේය.

ඔහු ඔරුවල , අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ වූ බව පොලිසිය පවසයි.

ඒ අනුව ලබාගත් අධිකරණ නියෝගයක් මත එම ජංගම දුරකථනය රජයේ රස පරික්ෂක වෙත යොමු කර තිබේ.

මෙම කොල්ලකෑමේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන 31 හැවිරිදි කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් නැමැත්තා අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇල්ල රක්ෂිතයට ගිනි තැබුවාදැයි සොයන්න පරීක්ෂණ අරඹයි

Mohamed Dilsad

ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට

Mohamed Dilsad

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට ගැසට් නිවේදනය නිකුත් කෙරේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment