ප්‍රමුඛ පුවත 1

තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීමේ දින දීර්ඝ කෙරේ

 

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයට අදාලව තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරිම ලබන 12 වනදා දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිසම පවසයි.

ග්‍රාම නිලධාරුන් මගින් එම තාවකාලික හැදුනුම්පත් ඉල්ලුම් කළ හැකි බව කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර තිබේ.

ජනාධිපතිවරණය වෙනුවෙන් නිකුත් කළ තාවකාලික හැදුනුම්පත් ලක්ෂ 3 ක් පමණ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තු විසින් මැතිවරණ කොමිසමට භාරදී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

අදාල හැදුනුම්පත් ඉදිරි දින කිහිපය තුල ඛෙදා හැරීමට මැතිවරණ කොමිසම සැලසුම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවහිර කර දැමූ සමාජ මාධ්‍ය යළි ක්‍රියාත්මකයි.

Mohamed Dilsad

අමිත් වීරසිංහ යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

Mohamed Dilsad

අන්තරේ පා ගමනට අධිකරණයෙන් වාරණයක්

Mohamed Dilsad

Leave a Comment