ප්‍රමුඛ පුවත 1

කඩාකප්පල්කාරීව ඡන්ද වර්ජනයකට ගිය ක්‍රියාව නැවැත්තුවා – මන්නාරම රදගුරුතුමා

 

(UTV | කොළඹ මන්නාරම රදගුරු ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණෝ විසින් මන්නාරමේ සියළු ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ නොකොට මෙවර ජනාධිපතිවරණය වර්ජනය කරණ ලෙස එක්තරා පිරිසක් ගෙන ගිය කඩා කප්පල් ව්‍යාපාරය මන්නාරමේ ආගමික නායකයින් එකතු වී වෙනස් කළ බව සජිත් ප්‍රේමදාස සමඟ පැවසීය.

සජිත් ප්‍රේමදාස මන්නාරමේ ජන හමුවකට සහභාගී වීමෙන් පසුව ආශිර්වාද ලබා ගැනීම සඳහා මන්නාරම රදගුරු හිමිපාණන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී රදගුරු හිමිපාණන් එසේ ප්‍රකාශ කළහ.

මේ කුඩා ශ්‍රී ලංකාව තුළ වෙසෙන පිරිස ජාති ආගම් වශයෙන් බෙදී වෙන් වී සිටීමට උත්සහ කිරීම මහා විනාශයක් බව මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද කළ උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

පටු දේශපාලන වුවමනාවන් ඉටු කරගැනීමේ අපේක්ෂාවෙන් ජනතාවගේ ඡන්ද අයිතිය කැමත්ත බලෙන් උදුරා ගැනීමට නෛතික වශයෙන් හෝ සදාචාරාත්මක වශයෙන් කිසිදු අයිතියක් කවර හෝ පාර්ශ්වයකට නොමැති බවද උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රමිතියෙන් තොර ආලේපන සඳහා නීතිය තදින්

Mohamed Dilsad

ගැබිනි මව්වරුන්ගේ පෝෂණය නැංවීමේ විශේෂ වැඩසටහනක්

Mohamed Dilsad

නරක් වූ දියර කිරි ලීටර් දසදහසක් දික්ඔය ඇලේ

Mohamed Dilsad

Leave a Comment