ප්‍රමුඛ පුවත 1

එස්.බී. ගේ රථ පෙළ අවහිර කළ පිරිසකට වෙඩි

අද (06) පස්වරුවේ ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ රථ පෙළ අවහිර කළ බව කියන සිද්ධියක් හේතුවෙන් ඔහුගේ ආරක්ෂකයින් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

රාත්‍රී 8.30 ට පමණ සිදු වූ වෙඩි තැබීමෙන් පසුව එස්.බී. දිසානායක මහතාගේ රථය එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

තුවාල ලැබු දෙදෙනා මේ වනවිට කරවනැල්ල නැලිගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Related posts

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ගැන ගොවි ජනතාව දැනුවත් කිරීම අද සිට .

Mohamed Dilsad

දකුණේ උණ රෝගය තවදුරටත් පැතිරීමේ අවධානමක්

Mohamed Dilsad

යාල උද්‍යානයේ කොටසක් වැසේ

Mohamed Dilsad

Leave a Comment