ප්‍රමුඛ පුවත 1

එස්.බී. ගේ රථ පෙළ අවහිර කළ පිරිසකට වෙඩි

අද (06) පස්වරුවේ ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ රථ පෙළ අවහිර කළ බව කියන සිද්ධියක් හේතුවෙන් ඔහුගේ ආරක්ෂකයින් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

රාත්‍රී 8.30 ට පමණ සිදු වූ වෙඩි තැබීමෙන් පසුව එස්.බී. දිසානායක මහතාගේ රථය එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

තුවාල ලැබු දෙදෙනා මේ වනවිට කරවනැල්ල නැලිගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Related posts

උසස් පෙළ ප්‍රතිඵල 31 වනදාට පෙර

Mohamed Dilsad

පාසල්වල ශ්‍රේණි තුනක් අදින් ඇරඹේ

Mohamed Dilsad

නිහඩ කාලසීමාවේ ඡන්ද ප්‍රචාරණට එරෙහිව දැඩි නීතිය

Mohamed Dilsad

Leave a Comment