ප්‍රමුඛ පුවත 1

බලය පෙන්වීමට ගිය පොහොට්ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්

 

(UTV | කොළඹ) – හලාවත මහා රෝහලට කඩා වැදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී ආරක්ෂක නිලධාරියෙකුව තියුණු ආයුධයකින් කපා තුවාල සිදු කළ බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුව නොවැම්බර් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත දිසා විනිසුරු මංජුල තිලකරත්න මහතා 21 වැනිදා සවස නියෝග කළේය.

දිසා විනිසුරුවරයා විසින් රක්ෂිත බන්ධනාගාර කරන ලද්දේ හලාවත ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන ආර්.පී.වසන්ත වික්‍රම නම් අයෙකුවය.

ඔහු හලාවත – මහගම පදිංචිකරුවෙකි.

සැකකරු පසුගිය 22 වැනිදා හලාවත මහා රෝහලට තියුණු ආයුධයක්ද ඇතැතිව කඩා වැදී කලහකාරී ලෙස හැසිරී ඇත.

තම බිරිදට හානියක් කිරීම සදහා තමන් පැමිණි බව ඔහු පවසා ඇති අතර එම අවස්ථාවේ සැකකරු අධික ලෙස බීමතින් සිට ඇත.

එම අවස්ථාවේ ඔහු වලක්වා ගැනීමට රෝහලේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු උත්සාහ කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ටද සැකකාර මන්ත්‍රීවරයා පහර දීමක් සිදු කර ඇත.

සැකකරු අතර තිබූ තියුණු ආයුධය උදුරා ගැනීමට යාමේදී රෝහලේ ආරක්ෂක නිලධාරියෙකු ද තුවාල සිදුවී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උණුසුම් කාළගුණය තවදුරටත්

Mohamed Dilsad

ගලහිටියේ රිය අනතුරකින් දහඅටකට තුවාල

Mohamed Dilsad

පාස්කු ඉරිදා එල වූ ත්‍රස්ත ප්‍රහාරයට මාසයක් ගත වෙයි.

Mohamed Dilsad

Leave a Comment