ව්‍යාපාරික

යාපනය ජාත්‍යන්තර ගුවන් පථයට පළමු ගුවන් යානය ගොඩබසී

(UTV | කොළඹ) –  අද (17) පෙරවරුවේ ජනපති ප්‍රධානත්වයෙන් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමත් සමඟම ඊට ගොඩ බසින ලද පළමු ගුවන් යානය ලෙසින් ඉන්දියාවේ එලායන්ස් එයාර් ගුවන් යානයක් පෙරවරුවේ දී යාපනය ගුවන් පථයට ගොඩබසින ලදී.

මෙය ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කෙරෙන තෙවැනි ගුවන් තොටුපල වන අතර මීට සමගාමීව කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපල හා මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපල ද , ඇතුළුවීමේ සහ පිටවීමේ අනුමත තොටුපල ලෙස ගැසට් නිවේදනයක් මගින් පසුගියදා ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මේ අනුව ශ්‍රී ලංකාව තුළ තිබෙන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංඛ්‍යාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හා මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල සමඟ පහක් දක්වා ඉහළ යනු ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ, දොරටු විවර කරන Sri Lanka Tourism Job Fair and Career Expo 2025 සාර්ථකව අවසන් වෙයි

Editor O

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

Mohamed Dilsad

සනීපාරක්ෂාව හා සෞඛ්‍ය පිළිබඳ කලාපීය වැඩමුළුව අද සිට

Mohamed Dilsad

Leave a Comment