Trending News

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් දරුවෙකු මරුට

(උදයම්,කොළඹ)  – මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් 12 හැවිරිදි දරුවෙකු මිය යයි.
අද පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ තවත් 12 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් අවට නිවාස 50 කට ආසන්න සංඛ්‍යාවකට බරපතළ හානි සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

සුන්බුන් අතර සිටින පුද්ගලයින් සොයා සිදුකෙරෙන ආරක්ෂක ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකය.

අද පස්වරු 3 ට පමණ කොළොන්නාව, මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් පුපුරා කඩා හැලුණි.

කසළ කන්ද කඩා හැලීමෙන් අසල පිහිටි නිවාස රැසක් ඊට යටවී තිබේ.

කසළ කන්දට යටවී සිටින පිරිස් බේරාගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව,  ගිනිනිවීම් සේවා දෙපාර්තමෙන්තුව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

Related posts

Bakery products prices increased by 5 rupees

Mohamed Dilsad

Easter Blasts in Sri Lanka: Nine suspects remanded

Mohamed Dilsad

Several police officers summoned to PCoI probing Easter attacks

Mohamed Dilsad

Leave a Comment