Trending News

ට්‍රම්ප්ගෙන් තුර්කියට සම්බාධක

(UTV | කොළඹ) – ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් උතුරුදිග සිරියාවේ කුර්දිවරුන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාර වහා නවත්වන ලෙස තුර්කියට සම්බාධක පනවා තිබේ.

ඔහු මාධ්‍ය හමුවේ පවසා සිටියේ මෙම සම්බාධකවල අරමුණ තුර්කි ආර්ථිකය මුළුමනින්ම අඩපණ කිරීම බවයි.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් මෙම තීරණය ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයන්ගේ පමණක් නොව, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් සාමාජිකයන්ගේ ද දැඩි විරෝධයට හේතුවක් විය.

කුර්දිවරුන් කියා සිටියේ ඇමෙරිකාව තමන්ට ද්‍රෝහිවුණු බවයි.

මෙම කුර්දි සටන්කාමීන්ගේ සහාය නිසා සිරියාවේ උතුරුදිග පළාත්වල ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් අඩපණ කිරීමට ඇමෙරිකාවට හැකිවූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ஜனாதிபதி விசாரணை ஆணைக்குழுவின் பதவிக்காலம் நீடிப்பு (UPDATE) 

Mohamed Dilsad

8,00,000 யூரோ பெறுமதிப்பான சவூதி இளவரசியின் நகை திருட்டு

Mohamed Dilsad

මිද්දෙණියේ සිද්ධියට අදාළ කන්ටේනර් මුදාහැරි දින පිළිබඳ අනාවරණයක්

Editor O

Leave a Comment