විදෙස්

හගිබිස් සුළි කුණාටුව ජපානයේ 23 ක් බිලිගනී [PHOTOS]

(UTV | කොළඹ) –  දශක හයකට පසුව ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුවෙන් මේ වන විට පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා 27,000 ක හමුදා බල ඇණියක් යොදවා ඇත.

හැගිබිස් සුළිකුණාටුව හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය තවදුරටත් දරුණු වන්නේ නම් සහන සේවා සඳහා අතිරේක හමුදා භටපිරිස් යෙදවීමට වුවද තමන් සූදානම් බව ජපාන අග‍්‍රාමාත්‍ය ෂිංසෝ අබේ පවසයි.

නායයාම්වලින් කඩාවැටුනු නිවාස සහ ගොඩනැගිලි අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම මෙන්ම ජල ගැලීම් හේතුවෙන් නිවාස තුළ සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමද තවදුරටත් ක්‍රියාත්මකව පවතියි.

ඒ සඳහා විශේෂ බෝට්ටු සේවා සහ හෙලිකොප්ටර් යානා ද යෙදවීමට පියවර ගෙන ඇත.

අයහපත් කාළගුණය හේතුවෙන් වගාබිම් විනාශ වූ ගොවීන් පවසන්නේ මෙවැනි දරුණු ගංවතුර තත්ත්වයක් මීට පෙර බලපා නොමැති බවයි.

මේ වනවිට හැගිබිස් සුළිකුණාටුව ඉදිරි පැය කිහිපයේදී ජපානයේ හොක්කයිදෝ දූපත දෙසට හමා යනු ඇතැයි අපේක්ෂා කරයි.

 

Image result for hagibis

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලැව් ගින්නෙන් නිවාස 30 ක් විනාශයට

Mohamed Dilsad

සුප්‍රකට හොලිවුඩ් නළු ෂෝන් කොනරි මිය යයි

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ උපදේශකයින් පිරිසක් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment