විදෙස්

හගිබිස් සුළි කුණාටුව ජපානයේ 23 ක් බිලිගනී [PHOTOS]

(UTV | කොළඹ) –  දශක හයකට පසුව ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුවෙන් මේ වන විට පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා 27,000 ක හමුදා බල ඇණියක් යොදවා ඇත.

හැගිබිස් සුළිකුණාටුව හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය තවදුරටත් දරුණු වන්නේ නම් සහන සේවා සඳහා අතිරේක හමුදා භටපිරිස් යෙදවීමට වුවද තමන් සූදානම් බව ජපාන අග‍්‍රාමාත්‍ය ෂිංසෝ අබේ පවසයි.

නායයාම්වලින් කඩාවැටුනු නිවාස සහ ගොඩනැගිලි අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම මෙන්ම ජල ගැලීම් හේතුවෙන් නිවාස තුළ සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමද තවදුරටත් ක්‍රියාත්මකව පවතියි.

ඒ සඳහා විශේෂ බෝට්ටු සේවා සහ හෙලිකොප්ටර් යානා ද යෙදවීමට පියවර ගෙන ඇත.

අයහපත් කාළගුණය හේතුවෙන් වගාබිම් විනාශ වූ ගොවීන් පවසන්නේ මෙවැනි දරුණු ගංවතුර තත්ත්වයක් මීට පෙර බලපා නොමැති බවයි.

මේ වනවිට හැගිබිස් සුළිකුණාටුව ඉදිරි පැය කිහිපයේදී ජපානයේ හොක්කයිදෝ දූපත දෙසට හමා යනු ඇතැයි අපේක්ෂා කරයි.

 

Image result for hagibis

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝ පුරා කොරෝනා ආසාදිතයන් අසූ ලක්ෂයට ආසන්න වෙයි

Mohamed Dilsad

ජපාන විදේශ කටයුතු ඇමති සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයට ප්‍රභල භූමි කම්පාවක්

Mohamed Dilsad

Leave a Comment