ප්‍රමුඛ පුවත 1

ජාතික ජනබලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද සිට

(UTV |කොළඹ) – ජාතික ජනබලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම අදින් ආරම්භ කෙරෙන බව කටයුතු අද (14) සිට ආරම්භ කෙරෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා .

එය අදියර කිහිපයක් යටතේ සිදු කෙරෙන අතර අද දිනයේ එළි දැක්වෙන්නේ ඔවුන්ගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියයි.

සිය ඉදිරි පාලනයකදී රටේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කරන ආකාරය සම්බන්ධයෙන්  මෙහි කරුණු ඇතුළත් වේ.

ඊට අමතරව ඉදිරියේදී සෞඛ්‍ය, පරිසර, ප‍්‍රවාහන සහ ජාතික සමගිය ඇතුළු කරුණු රැසක් මුල්කර ගනිමින් සිය ප‍්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට නියමිත බව මත්රීවරයා සඳහන් කළේය.

මෙහි සම්පූර්ණ ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ලබන 26 වැනිදා එළිදැක්වීමට  ඔවුන් කටයුතු සැලසුම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හේමසිරිව හදිසියේ රෝහල්ගත කරයි

Mohamed Dilsad

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් නව ප‍්‍රතිපත්තියක්

Mohamed Dilsad

රනිල්ගේ එජාප නායකත්වය තවත් වසරකට දික් කරයි

Mohamed Dilsad

Leave a Comment