ප්‍රමුඛ පුවත 1

හේමසිරිව හදිසියේ රෝහල්ගත කරයි

(UTV| කොළඹ) – අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතවූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ හදවත් රෝගී අංශයට ඇතුළත් කර තිබෙන රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් කරයි.

ඒ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමට හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් වෙනත් දිනයක් ඉල්ලා තිබේ.

……………………………………………………………………………………………………………………………………………………………….

හේමසිරි සහ පූජිත් ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (02) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පෙනී සිටීමට නියමිතයි.

අද පෙරවරු 10 ට රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන් දෙදෙනාට දැනුම් දී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු සඳහන් කරයි.

පසුගිය 27 වනදා පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මොවුන්ව සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබුණේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කෝටියක රත්‍රන් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙයි

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment