ප්‍රමුඛ පුවත 1

රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම හමුදාවක ප්‍රධානතම කාර්යයි – යුධ හමුදාපති [VIDEO]

(UTV | කොළඹ) – අද (10) දිනට යෙදී තිබුණු ශ්‍රී ලංකා යුද හමුදා 70 වන සංවත්සයරය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර ක්‍රිඩාංගණයේදී විශේෂ උත්සවයක් පැවැත්වුණි.

ඒ යුද හමුදාපති  ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අදහස් දැක්වු යුද හමුදාපතිවරයා පැවසුවේ, හමුදාවක ප්‍රධානතම කාර්ය වන්නේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම බවයි.

1949 ඔක්තෝබර් මස 10 වන දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා යුද හමුදාව අද සිය අභිමානවත් 70 වන සංවත්සරය සමරනු ලැබුවා.ඒ වෙනුවෙන් සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයක් අද උදෑසන කොළඹ ගාලු මුවදොර ක්‍රිඩාංගණයේදී පැවැත්වුණි.

ශ්‍රි ලංකා යුද හමුදාවේ වසර 70 ක සේවා කාලය තුළ ප්‍රථමවතාවට මෙම සංවත්සරයට සමගාමීව නිලධාරීන් 210 ක් සහ සෙසු නිලයන් 7000 ක් උසස් කරනු ලැබුණු බවත් එය එක් දිනක දී මෙතෙක් ලබා දී තිබූ උසස් වීම් දෙගුණයක් බවට පත් කිරීම වාර්තාවක් බවද යුධ හමුදාපතිවරයා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

අරුවක්කාලුවට යන කොළඹ කුණු හෙට සිට නවතියි

Mohamed Dilsad

අසර්බයිජානයේ ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙක් මරුට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment