ක්‍රීඩා

ශ්‍රී ලංකාවට පරාජය වීමෙන් සිදුවූ ලැජ්ජාව ගැන මිස්බාගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට එරෙහිව පැවති විස්සයි 20 තරගාවලිය තම මව් රටේදීම පරාජය වීම විශාල හානියක් බව එරට ප‍්‍රධාන පුහුණකරු මෙන්ම ක‍්‍රිකට් තෙරීම කමිටු පූර්ණ බලධාරියාද වන මිස්බා උල් හක් සහ නායක සර්ෆරාස් අහමඞ් පවසයි.

ඔවුන් මේ බව සඳහන් කළේ ඊයේ (09) තරගය අවසන් වීමෙන් පසු පකිස්තානයේදී විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

පාකිස්තානය මේ වන විට මාස 20 කට ආසන්න කාලයක් විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් තුල පළමු ස්ථානයේ පසුවන අතර, එවැනි ප්‍රබල කණ්ඩායමක් ශ්‍රී ලංකා පිලේ දෙවන පෙළ ක්‍රීඩකයන් හමුවේ පරාජයට පත් වීමෙන් තම කීර්ති නාමයට විශාල හානියක් සිදුව ඇති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

කෙසේනමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තරග කළ ආකාරය පාකිස්තානයට ආදර්ශයක් බව පැවසු මිස්බා වැඩිදුරටත් සඳහන් කළේ මෙම තරගාවලියේ පරාජයේ වගකීම තමන් බාරගන්න බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාර්ක් පළමු රන් පදක්කම ටයිකොන්ඩෝ ඉසව්වෙන්

Mohamed Dilsad

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පකිස්ථාන සංචිතය ප්‍රකාශයට

Mohamed Dilsad

ඉතිහාසයේ ප්‍රථම වතාවට බංග්ලාදේශය ලෝක ක්‍රිකට් කිරුළක් හිමිකර ගනී

Mohamed Dilsad

Leave a Comment