ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කීපයක පැය 24 ක් ජල සැපයීම අත්හිටුවයි

(UTV | කොළඹ) – දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාද සහ ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

කැලණි ගග දකුණ ඉවුර ව්‍යාපෘතියේ දෙවන අදියරේ ජලනල පද්ධතියේ වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරනු ලබයි.

ඒ අනුව මෙම පැය 24 ක ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ පෑලියගොඩ, වත්තල , මාබෝල , ජා-ඇල, කටුනායක සහ සීදුව යන නගර සභා බල ප්‍රදේශ වලට සහ කැළණිය , වත්තල , බියගම , මහර , දොම්පේ සහ ගම්පහ යන ප්‍රාදේශී සභා බල ප්‍රදේශ වලටයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රි ලාංකිකයින්ට වෘත්තීයමය ක්ෂේත්‍ර දාහතරක ජපානයේ රැකියා අවස්ථා

Mohamed Dilsad

පොලිස් රාජකාරියට බාධා කළ එජාප මන්ත්‍රිනිය යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

රනිල් යළි අගමැති නොකරන බව ජනපති පවසයි

Mohamed Dilsad

Leave a Comment