ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව අද

(UTV | කොළඹ) – ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ප‍්‍රකාශයට පත් කිරීම අද (07) පෙරවරුවේ සිදු කිරීමට නියමිතව ඇත.

ඊයේ දිනයේද ද ඊට අදාල සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වූ බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.

අදාළ තීරණය ගැනීමේ බලය පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබාදීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කරනු ලැබීය.

ශ්‍රීලනිපයේ තීරණය ඊයේ (06) දිනයේ ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුනත් නිරාකරණය කරගත යුතු ගැටළු කිහිපයක් පැවතීම හේතුවෙන් එම තීරණය ප‍්‍රකාශ කිරීම අද දිනය තෙක් කල් දැමීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, කොන්දේසි විරහිතව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය ලබාදෙන බවයි.

Related posts

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන්ව ඇප මත මුදාහරි.

Mohamed Dilsad

ජනාධිපති රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂනයට [VIDEO]

Mohamed Dilsad

අදත් දැඩි උණුසුම් කාළගුණයක්…

Mohamed Dilsad

Leave a Comment