විදෙස්

මලාලාට සාම නියෝජිත තනතුරක්

(උදයම්,බ්‍රිතාන්‍ය)   –   නොබෙල් සාම ත්‍යාගලාභී පාකිස්තාන ජාතික මලාලා යුසෆායි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම නියෝජිතවරියක් ලෙස පත් කරයි.

පාකිස්තානයේ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් හඬ නැගීම නිසා මලාලා 2012 වසරේදී තලෙයිබාන් සංවිධානයේ වෙඩි ප්‍රහාරයකට ගොදුරු වූවාය.

ඉන් දිවි බේරාගත් ඇයට පසුව රැකවරණ ලබාදීමට බ්‍රිතාන්‍යය ඉදිරිපත් වුණි.

මේ වන විට 19 වන වියේ පසු වන මලාලා එක්සත් රජධානියේ උසස් පෙළ හදාරමින් සිටී.

ඊයේ නිව්යෝක් නුවර පැවැති උත්සවයකදි ඇයට ජගත් සංවිධාන නියෝජිත තනතුර පිරි නමා තිබේ.

මෙහිදී ඇයට විශේෂයෙන් පැවරී ඇත්තේ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමය.

Related posts

සිංගප්පූරුවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1481 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

මැලේසියාව හෙට සිට මුළුමනින්ම වසා දැමෙයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ ගුවන් ගමන් මාර්ග වෙනස් කරයි.

Mohamed Dilsad

Leave a Comment