ප්‍රමුඛ පුවත 1

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ නියෝජිතයින් හමුවූ මහින්ද රාජපක්ෂ [VIDEO]

(UTV | කොළඹ) –  හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (02) පස්වරුවේ විපක්ෂ නයක මහින්ද රාජපක්ෂ හමුවිය.

විජේරාම නිල නිවසේ පැවති මෙම හමුව සඳහා වව්නියාව, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චි නියෝජනය කරමින් නියෝජිතයින් එක්ව සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට කටයුතු කළත් මෙම රජය පත්වීමත් සමග ඒ සියළු සංවර්ධන කටයුතු නතර වූ බව ඔවුන් එහිදී පැවසීය.

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් කැපවෙන බවද ඔවුන් මෙහිදී අවධාරණය කළේය.

තම පාලන කාලය තුළ ශල්‍යාගාර පහකින් සමන්විත ලංකාවේ හොඳම රෝහල යාපනය ප්‍රදේශයට ලබා දුන් බවද, ඒ වාගේම පානීය ජලය ඇතුළු ජල ප්‍රශ්නය විසඳීමට ද රජයට සැලසුම් තිබුණත් ආණ්ඩු මාරුවත් සමඟ ඒ සියළු සංවර්ධන කටයුතු නතර වී ඇති බව මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.

තම නායකත්වයෙන් ඉදිරියේදී පත්වන රජය තුළින් එම ප්‍රශ්න විසඳීමට කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එහි පැමිණ සිටි නියෝජිතවරයෙක් කියා සිටියේ , කිලිනොච්චි ජනතාව මහින්ද රාජපක්ෂ මහතා වෙත දැඩි ගෞරවයක් දක්වන බවත් පසුගිය සමයේ දී ඒ මහතා විසින් ‘ යුද්ධයෙන් මිය ගිය අය හැර ඉන්පසු පැන නගින හැම ගටළුවකටම තමන් විසදුම් ලබාදෙන බවට ‘ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එහි ජනතාව දැඩිව විශ්වාසය තබා සිටින බවයි.

Related posts

සැවොයි සිනමාහල අසල තිබු සැක කටයුතු යතුරු පැදියක් පුපුරුවයි.

Mohamed Dilsad

සිදුවු පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 310 දක්වා ඉහලට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය

Mohamed Dilsad

ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 2ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment