ප්‍රමුඛ පුවත 1

ඇතින්නියන්ගේ අභිරහස් මරණ ගැන අද විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) –  හබරණ – හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ දී ඇතින්නියන් සය දෙනෙකු සහ වන අලියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා අතර අද (01) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි වනජීවි, සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ සදහන් කළේ.

කෙසේවෙතත් ඇතින්නියන්ගේ මරණයන් පිළිබඳව වගකීම රජය භාර ගන්නා බවත් , මාධ්‍ය මගින් දැනුවත් වනතුරුත් ඇමතිවරයා හෝ රාජ්‍ය ඇමැතිවරයා මේ පිළිබඳ දැන නොසිටි බවද රංජිත් අලුවිහාරේ අමාත්‍යවරයා සදහන් කර තිබුණි.

Related posts

රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට

Mohamed Dilsad

ඡන්ද හිමි නාමලේඛනය නිකුත් කිරීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment