ප්‍රමුඛ පුවත 1

ඇතින්නියන්ගේ අභිරහස් මරණ ගැන අද විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) –  හබරණ – හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ දී ඇතින්නියන් සය දෙනෙකු සහ වන අලියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා අතර අද (01) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි වනජීවි, සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ සදහන් කළේ.

කෙසේවෙතත් ඇතින්නියන්ගේ මරණයන් පිළිබඳව වගකීම රජය භාර ගන්නා බවත් , මාධ්‍ය මගින් දැනුවත් වනතුරුත් ඇමතිවරයා හෝ රාජ්‍ය ඇමැතිවරයා මේ පිළිබඳ දැන නොසිටි බවද රංජිත් අලුවිහාරේ අමාත්‍යවරයා සදහන් කර තිබුණි.

Related posts

වෛද්‍ය පීඨ සිසුන් අද සිට අධ්‍යයන කටයුතුවල

Mohamed Dilsad

ජනාධිපතිවරණය තුළ අන්තවාදී තත්ත්වයන් මතුකර දැක්වීමේ උත්සාහයක්

Mohamed Dilsad

කළගෙඩිහේනේදී වෑන් රියදුරෙකුට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් අද අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment