ප්‍රමුඛ පුවත 1

හයවන දිනටත් දුම්රිය වර්ජනය අඛණ්ඩව

(UTV |කොළඹ) – දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

ඊයේ(30) අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සමඟ පැවති සාකච්ඡාවේදී තමන්ගේ ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසදුමක් ලබා නොදීම ඊට  හේතුවයි.

ඒ අනුව දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති මෙම වර්ජනය අද 6 වන දිනටත් ක්‍රියාත්මක වන බව ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මනුර පීරිස් පවසයි.

මෙම දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය මගීහු දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටිති.

මේ අතර දැනට ක්‍රියාත්මක වර්ජන සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව ද අද අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැඳුම්කර වංචාවේ විත්තිකරුවන් 10 කට නඩු පැවරීමට අගවිනිසුරුගෙන් අවසර

Mohamed Dilsad

පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඩ්

Mohamed Dilsad

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment