ප්‍රමුඛ පුවත 1

අද සිට විශ්‍රාමික දුම්රිය සේවකයින් සේවයට

(UTV |කොළඹ) – දින පහක සිට ක්‍රියාත්මක කෙරෙන වර්ජනය හේතුවෙන් දුම්රිය මගී ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටි.

මේ නිසා ප්‍රමාද වන දුම්රිය කටයුතු පවත්වාගෙන යාමට විශ්‍රාමික දුම්රිය රියැදුරන්, අද(30) සිට දුම්රිය සේවා කටයුතු වෙනුවෙන් යොදවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම වර්ජන වලට පිළියමක් ලෙස ප්‍රවාහන අමාත්‍යංශය පසුගිය ජූනි මාසයේදී විශ්‍රාමික දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිරුන්, දුම්රිය සංඥා නිලධාරීන් අලුතෙන් බදවා ගන්නා ලදී.

මේ අතර අද(30)  දිනයේ කාර්යාල කටයුතු සදහා පිටත්වන ජනතාව සහ සාමාන්‍ය මගී ජනතාව සදහා කොළඹ කොටුව දක්වා දුම්රිය 9ක් ධාවනය කෙරෙනු බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

එම දුම්රිය නුවර, මහව, කුරුණෑගල, රඹුක්කන, වේයන්ගොඩ, පුත්තලම සහ අවිස්සාවේල්ලේ සිට දුම්රිය බැගින්ද, ගාල්ලේ සිට දුම්රිය දෙක බැගින්ද කොළඹ කොටුවට පැමිණ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට ඇරඹේ

Mohamed Dilsad

ලෝක බැංකුවෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ජනපතිට සාර්ක් මහලේකම්වරයාගෙන් උණුසුම් පිළිගැනීමක්

Mohamed Dilsad

Leave a Comment