ප්‍රමුඛ පුවත 1

බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(UTV | කොළඹ) –  බැසිල් රාජපක්ෂට එරෙහි නඩු විභාගයක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හැර වෙනත් විනිසුරුවරයෙකු හමුවේ විභාගයට අවසර දෙන්නැයි කල ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ මෙම නඩුව විභාග කිරීමෙන් තමන්ට අගතියක් සිදුවිය හැකි බවට බැසිල් රාජපක්ෂ පෙත්සමක් මගින් අභියාචනාධිකරණය වෙත දන්වා තිබුණි.

2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම අරමුදලට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැයකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර ඛෙදාහැරීමේන රජයට පාඩුවක් සිදුකල බවට බැසිල් රාජපක්ෂ මහතා ඇතුලු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබීය.

Related posts

තරුණයෙක් 18 වන මහලෙන් වැටී මියයයි.

Mohamed Dilsad

රටේ පවතින තත්ත්වය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

විශේෂ තේරීම් කාරක සභාව යළි හතරවනදා රැස්වේ

Mohamed Dilsad

Leave a Comment