විදෙස්

සවුදියෙන් ඉරානයට අනතුරු ඇගවීම්

(UTV | කොළඹ) – තෙල් පිරිපහදු සංකීර්ණ වෙත එල්ල කළ ප්‍රහාරය පිටුපස ඉරානය සිටින බවත් , ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් සෞදි අරාබියේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අදෙල් අල් ජුබයිර් මාධ්‍ය අමතමින් සඳහන් කර තිබේ.

ප්‍රතිචාර දැක්විය යුතු පියවර පිළිබඳව සිය මිතුරු රටවල් සමඟ අදහස් හුවමාරු කරගනිමින් සිටින බවත් ඔහු එහිදී අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය ඇතුලූ ජාත්‍යන්තර ප්‍රජාවේ සහය සෞදි අරාබියට දැන් වෙන කවරදාකටත් වඩා අවශ්‍ය වන බව රාජ්‍ය අමාත්‍ය අදෙල් අල් ජුබයිර්, වැඩිදුරටත් කියා සිට ඇත.

Related posts

කොරෝනා ගැන ධවල මන්දිරයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 17 වන සැමරුම අදයි

Mohamed Dilsad

Leave a Comment