විදෙස්

ලෝක කාලගුණ වෙනසට විරෝධතාවක්

(UTV| කොළඹ) – ලෝක කාලගුණ වෙනස පාලනය කිරීම සඳහා තිරසාර පියවර ගන්නා ලෙස රාජ්‍යයන්ට බල කරමින් පැසිෆික් දිවයින්වලින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

එහි සිට ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව හරහා ඇමරිකා එක්සත් ජනපදය දක්වා මෙය ක්‍රියාත්මකයි.

මෙම විරෝධතාවය ළමුන් සහ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කෙරෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ග්ලෝබල් ක්ලයිමේට් ස්ට්‍රයික් ලෙස හැදින්වෙන මෙම විරෝධතාවය සඳහා මිලියන සංඛ්‍යාත ළමයින් සහභාගි වනු බවට අපේක්ෂා කරන අතර මෙය ආරම්භ වූයේ යොවුන් පාරිසරික ක්‍රියාකාරිනියක වන ගේ‍්‍රටා තන්බර්ග්ගේ දිරි ගැන්වීම අනුව බව සඳහන්.

විරෝධතාවයේ නිරත වන යොවුන් ක්‍රියාකාරීන්ගේ ඉල්ලීම වන්නේ පොසිල ඉන්ධන භාවිතය අවසන් කිරීම මෙන්ම කාලගුණ වෙනසට මුහුණ දෙන සැමට සාධාරණයක් ඉටු කිරීමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා මරණ ගණන 103කින් ඉහළට

Mohamed Dilsad

ඉරානයේ භූ කම්පනයක්

Mohamed Dilsad

ඉතාලියේ කොරෝනා මරණ ගණන 6820 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment