ප්‍රමුඛ පුවත 1

වත්තල රෙදි අලෙවිසැලක ගින්නක්

(UTV| කොළඹ) –  වත්තල – හේකිත්ත මං සන්ධියේ මහල් 3 කින් සමන්විත රෙදි අලෙවිසැලක අද (20) උදෑසන 6.30ට පමණ ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඬ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ සහ පෑලියගොඩ නගර සභාවේ ගිනි නිවන රථ 5ක් පමණ යොදවා ඇති අතර කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, පෑලියගොඩ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන්, වත්තල පොලීසිය සමඟ එක්ව ගින්න මැඬ පවත්වා තිබේ.

මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් වීමක් බවයි පොලිසිය සැක පළ කරන්නේ.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ගින්න හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ [VIDEO]

Mohamed Dilsad

මහ බැංකුවට නව අධිපතිවරයෙක්

Mohamed Dilsad

පිළිකා රෝගීන්ට අතවශ්‍ය ඖෂධ වල හිඟයක්

Mohamed Dilsad

Leave a Comment