ප්‍රමුඛ පුවත 1

එජාපෙ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී

(UTV| කොළඹ) – ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල  රැස්වීමේදී ජනපතිවරණ අපේක්ෂකයා නම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ ඊයේ(15) පවසා තිබේ.

එජාප ඡන්ද පදනම මත පමණක් ජයග්‍රහණය කිරීම අසීරුවිය හැකි බවද අග්‍රාමාත්‍යවරයා  ජනාධිපතිවරණය ජයගැනීමට සෙසු මිතුරු බලවේගවල සහය දිනාගැනීම අනිවාර්ය බව ද සඳහන් කළේය.

“ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ගන්නට බලාපොරොත්තු වන සියළුම අපේක්ෂකයන්ට දිනන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවැසීය.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ (15) කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කළ අවස්ථාවේදී මේ බව පවසා තිබේ.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප්‍රිය, සුනිල් ද සිල්වා, රාජා උස්වැටකෙයියාව, ආචාර්ය ජෙහාන් පෙරේරා, ප්‍රියදර්ශනී ආරියරත්න ඇතුළු සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජයලත් මනෝරත්නයන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

2019 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකියි- ජනපති

Mohamed Dilsad

Leave a Comment