Trending News

අම්පාරේ ආහාර විෂ වීමෙන් මිය ගිය ගණන ඉහළට, 203ක් රෝහලේ(UPDATE)

(උදයම්,අම්පාර) – අම්පාර වානගමුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවැති ආගමික උත්සවයක දී සිදුවූ ආහාර විෂවීම නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම ප්‍රතිකාර සඳහා අම්පාර, එරගම, සමන්තුරය යන රෝහල්වලට ඇතුළු වූ බොහෝ දෙනෙක් මේ වන විට රෝහල් වලින් ඉවත්ව ගොස්අව තිබේ.

නමුත් තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව අම්පාර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

(උදයම්,අම්පාර)   – ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කළ කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මිය ගොස් ඇත්තේ අම්පාර රෝහලේ සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු සහ සමන්තුරේ රෝහලේ සිටි කාන්තාවකි.

අම්පාර- දමන  10 කොලනිය වානේගමුව පල්ලියේ ඊයේ පැවැති උත්සවයකදී ලබා දුන් ආහාරයක්විෂ වීම හේතුවෙන් රෝගීවූ 203 දෙනෙකු එරගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති අතර ඉන් 120 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

නේවාසිකව ප්‍රතිකාර ලැබූ පිරිසෙන් කොටසක් අම්පාර රෝහලටත්, තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් දස දෙනෙකු සමන්තුරය රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් අම්පාර රෝහලේ ප්‍රතිකාර ලැබූ කාන්තාවක, පිරිමි පුද්ගලයෙකු සහ සමන්තුරය රෝහලේ ප්‍රතිකාර ලැබූ කාන්තාවක මියගොස් ඇත.

මියගොස් ඇත්තේ අම්පාර, එරගම ප්‍රදේශයේ පදිංචි ඒ. එම් හලීමා (45), මොහොමඩ් කාසිම් ( 53) හා කලන්දර් මාරියන්දු (63) නමැති තිදෙනෙකු බව පොලිසිය පවසයි.

පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරීමට නියමිත අතර අම්පාර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

புலமைப் பரிசில் வெட்டுப் புள்ளி அடுத்த வாரம்…

Mohamed Dilsad

ජපාන තේ වෙන්දේසියේදී ශ්‍රී ලංකා⁣ තේ සඳහා වාර්තාගත ඉහළ මිලක්

Editor O

போதைப்பொருள் ஒழிப்பு தொடர்பில் சிறந்ததொரு வேலைத்திட்டம் அறிமுகம்

Mohamed Dilsad

Leave a Comment