ක්‍රීඩා

තරඟාවලිය ප්‍රතික්ෂේප කළ මෙරට 10 දෙනාට පාකිස්තාන නායකයාගෙන් ඉල්ලීමක්

(UTV| පකිස්තානය) – පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක සර්ෆරාස් අහමඩ් එරට සංචරය වර්ජනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ජේෂ්ඨයන් 10 දෙනාගෙන් ඔවුන්ගේ තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලා තිබේ.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (13) පාකිස්තානයේ කරච්චි නුවර පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

 “මම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පාකිස්තානයට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා.”

“අප රටේ ආරක්ෂක තත්ත්වය දැන් සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනවා.”

“ඒ නිසා, ශ්‍රී ලංකා කණ්ඩායම කාලසටහනට අනුව නියමිත වේලාවට පාකිස්තානයේ සංචාරය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ” යැයි සර්ෆරාස් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ තුන්වන එක්දින ක‍්‍රිකට් තරගය හෙට

Mohamed Dilsad

අදින් ඇරඹීමට නියමිත ජාතික මහා ක්‍රීඩා උළෙල

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකුට ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

Leave a Comment