ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ පෙත්සම අධිකරණය පිළිගනී

(UTV| කොළඹ) – ඇවන්ගාඞ් නඩුව සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද පිළි ගත්තේය.

ඒ අනුව මෙම පෙත්සමෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ ඇවන්ගාඞ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබා දීමෙන් රජයට මූල්‍ය අලාභයක් සිදු කළේ යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාව නඩු පවරා ඇති බවයි.

එහෙත් මෙම නඩුව ගොනු කර ඇති ආකාරය නීති විරෝධී බවට තමන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් ගොනු කළ බව ද එය ප‍්‍රතික්ෂේප වූ බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය පෙත්සමෙන් ප‍්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා සංවර්ධනයට Online ක්‍රමයෙන් වැඩසටහනක්

Mohamed Dilsad

ආපදාවට පත් රජයේ සේවකයෙකුට පොලි රහිත මාස 6 ක වැටුප් අත්තිකාරමක් – රාජ්‍ය පරිපාලන ඇමති කියයි

Mohamed Dilsad

ඉන්ධන මිල අද වෙනස් වෙයිද?

Mohamed Dilsad

Leave a Comment