ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ පෙත්සම අධිකරණය පිළිගනී

(UTV| කොළඹ) – ඇවන්ගාඞ් නඩුව සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද පිළි ගත්තේය.

ඒ අනුව මෙම පෙත්සමෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ ඇවන්ගාඞ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබා දීමෙන් රජයට මූල්‍ය අලාභයක් සිදු කළේ යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාව නඩු පවරා ඇති බවයි.

එහෙත් මෙම නඩුව ගොනු කර ඇති ආකාරය නීති විරෝධී බවට තමන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් ගොනු කළ බව ද එය ප‍්‍රතික්ෂේප වූ බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය පෙත්සමෙන් ප‍්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රදේශ රැසක විදිලිය බිඳ වැටෙයි

Mohamed Dilsad

ශානි අබේසේකරගෙන් මූලික අයතිවාසිකම් පෙත්සමක් [VIDEO]

Mohamed Dilsad

පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment