ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ්

(UTV| කොළඹ)  – සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙක්  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අධිකරණ නියෝග කඩ කිරමින් මතුගම, නෑබඩ ප්‍රදේශයේ  පුද්ගලයෙකු මිය යෑමෙන් අනතුරව එම වත්තේ පිහිටි සුසාන භූමියේ භූමිදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා අද(10) මතුගම මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරව මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

අදාළ සැකකරුවන් පස් දෙනා එළඹෙන 16 වන දා දක්වා රක්ෂිත බන්ධගාර ගත කරන ලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  නියෝග කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ඕමාන් තානාපති කාර්යාලයෙන් ගාස්තු රහිත දුරකතන සම්බන්ධතාවයක්

Mohamed Dilsad

මැයි මස සිට ආහාර අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම්…

Mohamed Dilsad

Leave a Comment