ප්‍රමුඛ පුවත 1

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) –  මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ලබන  21 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන ඔහු  අද බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කර ඇති  බවට විමර්ශනවලදී කරුණු හෙළි වී ඇති බවයි.

මෙම සැකකරු සතුව තිබී ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ ලේඛණ සහ වීඩියෝ දර්ශන සොයාගෙන ඇති හෙයින් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද පොලිසිය අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කලද  මෙහිදී මහේස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ පෙන්වා දෙන්නේ මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති බැවින් ඇප ලබාදීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

ඒ අනුව අදාළ සැකකරු ලබන 21 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට ද අධිකරණය නියම කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තරුණයින්ගෙන් ගුටි කෑ සිසුන් දෙදෙනෙකුට තුවාල

Mohamed Dilsad

ඉන්ධන මිල පහළ යාමත් සමඟ බස් ගාස්තු අඩු වෙයිද?

Mohamed Dilsad

නව ජනපතිට අමෙරිකාවෙන් සුභ පැතුම්

Mohamed Dilsad

Leave a Comment