ප්‍රමුඛ පුවත 1

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුන්වැනි ප්‍රදර්ශනය අදින් අවසන්

(UTV|යාපනය) – යාපනය මුට්ට්‍රවේලි නගරයේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුන්වැනි ප්‍රදර්ශනය අදින් නිමාවට පත්වෙනවා.පුරා දින 3 ක් පැවැති මෙම ප්‍රදර්ශනයේ 4 වන දිනය වන අද සමාප්ති උත්සවය අද පස්වරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ව්‍යවසායකත්ව කලාපය වෙත ජනතාවගේ ඉහල ප්‍රතිචාර හිමි වුණා .

මෙහිදී රජයේ පොලී සහන ණය ලබා ගැනීම සදහා ලියාපදිංචි වූ සංඛ්‍යාව 2000 කට ආසන්න බව මුදල් අමාත්‍යාංශය සදහන් කරනවා.

ණය ලබා දීමට අදාල ඉදිරි කටයුතු එම අයදුම්කරුවන් පදිංචි ප්‍රදේශයේ බැංකු ශාඛා මගින් සිදු කෙරෙනවා.

එමෙන්ම යුද්ධය හේතුවෙන් වැන්දඹුවන් බවට පත්වූ කාන්තාවන්ට හා පුනරුත්ථාපනය වූ සටන්කාමීන්ට පහසුවෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ලබා ගත හැකි වන පරිදි විශේෂ වැඩ සටහනක්ද ලබන සිකුරාදා හා සෙනසුරාදා යන දෙදින තුල යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  පැවැත්වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නායකත්වය පිළිබඳ රනිල් – සජිත් ගැටුම උග්‍ර වෙයි

Mohamed Dilsad

යාපනයේ පවුල් 33,000 ක පුද්ගලයින් 121,000 කට නියගයෙන් දැඩි පීඩා

Mohamed Dilsad

ගිනිගත්හේන,දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා

Mohamed Dilsad

Leave a Comment