විදෙස්

රොබට් මුගාබේගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව 14 වෙනිදා

(UTV|සිම්බාබ්වේ) – සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ අවසන් කටයුතු ලබන 14 වන සෙනසුරාදා සිදුකිරීමට එරට රජය තීරණය කර තිබෙන බව විදෙස මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එරට රජය තානාපති කාර්යාල වෙත දැනුම්දීමක් කර ඇත්තේ හරාරේ අගනුවර පිහිටි ජාතික ක්‍රීඩාංගණයේදී රාජ්‍ය ගෞරව සහිතව ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීමට තීරණය කර ඇති බවයි.

කාලයක සිට රෝගාතුරව සිටි රොබට් මුගාබේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අභාවප්‍රාප්ත වූණි.

ඒ වනවිට ඔහු 95 වන වියේ පසු විය.

මේ අතර රොබට් මුගාබේගේ දේහය මිහිදන් කරන ස්ථානය සම්බන්ධයෙන් මේ දක්වා සිම්බාබ්වේ රජය ප්‍රකාශයට පත් කර නැහැ.කෙසේ වෙතත් මුගාබේගේ අවසන් කැමැත්ත වී තිබුණේ තම මවගේ දේහය මිහිදන් කර ඇති ස්ථානයට යාබදව ඔහුගේ දේහයද තැන්පත් කිරීම බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

1980 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගැනීමෙන් පසු සිම්බාබ්වේහි බලයට පත් රොබට් මුගාබේ 1980 සිට 1987 දක්වා එරට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළා.1987 වසරේ සිට 2017 වසරේ හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරනතුරුම ඔහු ජනාධිපති ධුරයේ දශක 3 ක කාලයක් කටයුතු කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන් 50,000 ක් වාර්තා වෙයි

Mohamed Dilsad

වසර 10කට පසු ‍’තමිල්නාඩුවේ’ බල පෙරළියක්

Mohamed Dilsad

අගමැති මෝදිගේ ජනප්‍රියත්වය උරගා බැලෙන ප්‍රාන්ත 05 ක මැතිවරණය අද

Mohamed Dilsad

Leave a Comment