ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

(UTV| කොළඹ) – මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් ලබන මස 11 වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්චා කිරීමට අද (09) මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතයි

මෙම මැතිවරණයට රුපියල් මිලියන 15 කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවන බවයි මැතිවරණ කොමිසම මීට පෙර පවසා තිබෙනවා.

මැතිවරණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නායක කියා සිටියේ මේ මස 13 වැනිදාට පෙර තැපැල් ඡන්ද අයදුම්පත් දිස්ත්‍රික් ලේකම්වරයාට ලැබීමට සලස්වන ලෙසයි

මේ අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීමට අදාලව ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා මෙහෙයුම් මැදිරි ස්ථාපිත කිරීමට පොලීසිය කටයුතු කර තිබෙන අතර ඡන්ද විමසීම, මධ්‍යස්ථාන 47කදී සිදුකිරීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඇල්පිටිය සහ පිටිගල යන පොලිස් ස්ථානවල අදාළ මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සමන් ඒකනායක ජනාධිපති විමර්ශන කොමිෂන් හමුවට

Mohamed Dilsad

ජනනාත් වරකාගොඩ ඇප මෑත මුදාහැරේ.

Mohamed Dilsad

ආනයනික කිරිපිටි මිල ඉහලට

Mohamed Dilsad

Leave a Comment