ප්‍රමුඛ පුවත 1

ජනනාත් වරකාගොඩ ඇප මෑත මුදාහැරේ.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ප්‍රවීණ සංගීතඥ ජනනාත් රංගන වරකාගොඩ මහතා ඇප මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

ඒ පසුගියදා කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පදික මාරුවේදී මාරක රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙනි.

ඔහු රුපියල් 10,000 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට නියෝග කර තිබේ.

නඩු කටයුතු අවසන් වන තුරු විත්තිකරුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමටද නියෝග කෙරෙනු අතර විත්තිය විසින් අගතියට පත් පාර්ශවය වෙත රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබා දී ඇතැයි ද අධිකරණයේ දී කියවිණි.

රුපියල් ලක්ෂයක වන්දි මුදලට අමතරව තවත් රුපියල් 50,000 ක වන්දි මුදලක් විත්ති පාර්ශවය විසින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් (මරණකාරියගේ සොහොයුරිය වන ඩී.සිල්වා යන අයට) විවෘත අධිකරණයේදී ලබා දුන්නේය.

මෙම නඩුව යළි අප්‍රේල් 29 වැනි දා යළි කැඳවීමට නියමිතයි.

Related posts

විදුලිබල මණ්ඩල තෙල් සංස්ථා ගැටළුව සමතයකට

Mohamed Dilsad

මෙරට කසල ආනයනයට එරෙහිව ඇති රිට් පෙත්සමේ තීන්දුව අද

Mohamed Dilsad

නව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වැඩ භාර ගනි

Mohamed Dilsad

Leave a Comment